ව්‍යවහාරික මනෝවිද්‍යාව


 ව්‍යවහාරික මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යාත්මක දැනුම විවිධ සන්දර්භයන්හි ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවල ගැටලු අවබෝධකරගැනීම හා විසදාගැනීම සදහා යොදාගැනීමයි. මෙම ගැටලු මිනිසුන්ගේ චර්යාව හෝ මානසික ක්‍රියාවලීන් නිසා ඇතිවන ගැටලු ය. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ දෛනික ජීවිතය තුළ පැය කිහිපයකට හෝ කාලය ගතවන සන්දර්භ ලෙස නිවස, පාසල, රෝහල, අධිකරණය, ක්‍රීඩා පිටිය, වෙළදපළ හා සේවා ස්ථාන සැළකේ. ඒ අනුව මෙවැනි ස්ථාන සදහා මනෝවිද්‍යාව යොදාගැනීම ව්‍යවහාරික මනෝවිද්‍යාව ලෙස සැළකේ.එක් එක් සන්දර්භය සදහා වෙන් වශයෙන් ව්‍යවහාරික මනෝවිද්‍යා ක්ෂේත්‍ර බිහි වී ඇත. පාසල සදහා මනෝවිද්‍යාව යොදාගැනීම අධ්‍යාපන මනෝවිද්‍යාව හෝ පාසල් මනෝවිද්‍යාව නම් වේ. රෝහල සදහා මනෝවිද්‍යාව යොදාගැනීම සෞඛ්‍ය මනෝවිද්‍යාව හා සායනික මනෝවිද්‍යාව ලෙස සැළකේ. අධිකරණය සදහා මනෝවිද්‍යාව යොදාගැනීම අධිකරණ මනෝවිද්‍යාව ලෙස ද වෙළදපළට මනෝවිද්‍යාව යොදාගැනීම පාරිභෝගික මනෝවිද්‍යාව ලෙස ද සැළකේ. මෙලෙසට ව්‍යවහාරික මනෝවිද්‍යාව වශයෙන් සැළකෙන ක්ෂේත්‍ර කිහිපයක් මනෝවිද්‍යා සාහිත්‍යය තුළ දක්නට හැකිවේ. ඉන් කිහිපයක් ලෙස සායනික මනෝවිද්‍යාව, උපදේශන මනෝවිද්‍යාව, සෞඛ්‍ය මනෝවිද්‍යාව, කර්මාන්ත මනෝවිද්‍යාව, ක්‍රීඩා මනෝවිද්‍යාව, පාරිභෝගික මනෝවිද්‍යාව, යුද මනෝවිද්‍යාව, මාධ්‍ය මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව ආදිය දැක්විය හැකිය. ඒ අනුව  සෑම වයසක ම මිනිසුන්ගේ චර්යාව හෝ මානසික ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු විසදාගැනීම සදහා මනෝවිද්‍යා දැනුම ප්‍රායෝගික ව යොදාගැනීම ව්‍යවහාරික මනෝවිද්‍යාව වශයෙන් සැළකෙන බව කිව හැකිය.




Post a Comment

Previous Post Next Post